තෙළඹුයාය කනිටු විදුහලේ ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම්
- 2019-05-28 22:08:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තංගල්ල අධ්‍යාපන කලාපයේ තෙලඹුයාය කනිටු විදුහලේ ශිෂ්‍ය නායක නායිකා දිවුරැම් දීම තංගල්ල සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ යූ.ජී. සමන් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරැණි.
මෙහිදී නවක ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැලඳවීම ආරාධිත අමුත්තන් විසින් සිදු කරන ලද අතර ඔවුන් වෙත පත්වීම් ලිපි ලබාදීම ගුරැ මහත්ම මහත්මීන් විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා තංගල්ල සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ යූ.ජී. සමන් කුමාර , අගුණකොළපැලැස්ස මහානාග ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති ඒ.කේ. නිශ්ශංක , කොටවාය එස්.ඒ. එන්. ප්‍රියන්ත , රත්මල්වල නීල් රම්‍යකුමාර යන විදුහල්පතිවරැද ඩැනී ආරච්චිල, එස්. නිශාන්ත යන ගුරැ මහත්වරැද සහභාගි වී සිටියහ.
තෙලඹුයාය කනිටු විදුහලේ විදුහල්පති එම්.ඒ.එන්.චම්මික නියෝජ්‍ය විදුහල්පති එච්.ඒ. චරිත් අසංක යන මහත්වරැ ඇතුළු ආචාර්ය මණ්ඩලය උත්සවය සංවිධානය කළහ.
Reply To:
Name - Reply Comment
0 Comments