දරුවන්ගේ සෞඛ්‍ය දැනුම වර්ධනය කළ යුතුයි - විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කළුආරච්චි
- 2019-08-06 16:08:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුඩා අවධියේ සිටම දරැවන් සඳහා ලිංගික සෞඛ්‍ය හා අධ්‍යාපනය පිළිබඳ නිවැරුදි දැනුම ලබාදී දරැවන් තුළ පවතින කුතුහලය නැති කළ යුතු බවට ජාතික ලිංගිකාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ සහකාර විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කළුආරච්චි මහත්මිය පැවසුවාය. ඇය එසේ පැවසුවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේ පැවති රැවනාර ගුවන්විදුලි ළමා සමාජයේ මාසික සභා වාරයට සහභාගි වෙමිනි.
මෙවර සභා වාරය සභාපති වොවිනි කහවේවිතාන සහ ලේකම් නර්තනා දසුනි මෙහෙයවූහ. මෙම අවස්ථාවට සිංහල සේවා අධ්‍යක්ෂ භාතිය ජයතිලක, සංගීත අංශය මෙහෙය වූ දර්ශන රත්නායක ද සහභාගී වූහ. රැවනාර ළමා සමාජය සැලසුම් කර නිෂ්පාදනය කරනු ලැබූවේ ප්‍රයන්තනී ගමගේ යහම්පත් මහත්මිය විසිනි.
ඔබට ද රැවනාර ළමා සමාජයේ මාසික රුස්වීම් සඳහා සහභාගි වීමට රැවනාර ළමා සමාජය, ස්වදේශීය සේවය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, කොළඹ 07 ලිපිනයට දුරකථන අංකය ඇතුළත් කර ලිපියක් එවීමෙන් අවස්ථාව ලබාගත හැක.
මෙවර වැඩසටහන පෙබරවාරි මස 16 වැනිදා සෙනසුරාදා සවස 5 ට ස්වදේශීය සේවයේ (91.7 හා 91.9 එෆ්.එම්) ඔස්සේ ශ්‍රවණය කළ හැකිය.
(සටහන හා ඡායාරෑප - රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments