දැදිගම ප්‍රාථමිකයෙන් නැණ කිරුළ
- 2019-07-30 14:11:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කෑගල්ල දැදිගම ප්‍රාථමික විද්‍යාලයේ &නැණ කිරැළ 2018* වාර්ෂික ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි. මෙම අවස්ථාවට කෑගල්ල කලාප අධ්‍යක්ෂ හේමන්ත, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා (සැලසුම්) වසන්තා රෝහිණි කුමාරි, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා (ප්‍රාථමික) ක්‍රිෂාන්ති, දැදිගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුගන්දි ශාලිකා, විද්‍යාලයේ විදුහල්පති එම්.ඒ.එන්.වසන්ත කුමාර, නියෝජ්‍ය විදුහල්පති ඕ.කේ.පොඩි නිළමේ, රංගන ශිල්පී සමන් ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ. විද්‍යාලයීය සිසු සිසුවියන්ගේ නිර්මාණ ඇතුළත් චිත්‍ර හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයක් ද, 2018 ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 168 ට වඩා ලබාගත් දරැ දැරියන් 22 දෙදෙනෙකු සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානයක් ද මෙම උලෙළට සමගාමීව පැවැත්විණි.
Reply To:
Name - Reply Comment
0 Comments