Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කෑගල්ල දැදිගම ප්‍රාථමික විද්‍යාලය සංවිධානය කළ “අභිමානී 2019* වාර්ෂික සහතික ප්‍රදානෝත්සවය පසුගියදා විද්‍යාලයීය විදුහල්පති වසන්ත කුමාර මහතාගේ අධීක්ෂණයෙන් ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි.
මෙහිදී සාහිත්‍ය තරග සඳහා ඉදිරිපත් වී දක්ෂතා දැක්වූ ශිෂ්‍යාවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම සහ 2019 වර්ෂයේ ශිෂ්‍යත්වය සමත් වූ දරැ දැරියන් සඳහා ත්‍යාග සහතික පත්‍ර ප්‍රදානය සිදු කෙරිණි. 
චන්දනා ප්‍රේමරත්න, තරිඳු සතරසිංහ, ඔනාලි ජයවික්‍රම, ඕෂධ රවිහංස, ඩිතුෂ් යෙෂාන්, රහික තක්ෂිල්, ඉමේෂ් හංසන, සඳලි දහමිය, දෙවිදු මහිසල්, දිනිති කාවින්ද්‍යා, තුෂිණි වික්‍රමගේ, විදුෂ සත්මිණ, විහඟ සත්සර, නිශල්‍යා දේදුගල, සංජනා ප්‍රවින්දි, විහංගා සත්සරණී, දිනුෂා මධුෂානි, මතීශා ප්‍රසාදි, දැහැමි ඉමායා, නදිත ඉඳුසර, ඕෂධ නයන, පසන් බිගුසර, තක්ෂිලා නෙත්මිණි, පබසරා මල්ෂාණී, නිමාෂි මධුෂිකා, රන්දුනු දසනායක, නදිත් කරැණාරත්න, ලක්ෂත පුර්ණ, විශ්මිකා දිසානායක, දිෂ්මි නේහා, දනේෂා නිලුපුලි, චමත් කෞෂාණ්, එතේරා චමත්කාරී, මිත්සර පතිරණ, හංසමාලි මැණිකේ, නිම්සරා සේනකගේ, රසාංජනා වික්‍රමරත්න, දෙව්මිණි රෑපසිංහ මන්ලිනි මුණසිංහ, මිහිරාන් ගොඩමුල්ල යන දරැ දැරියන් 2019 ශිෂ්‍යත්ව විභාගය ඉහළ ලකුණු ලබා සමත් වූ අතර ඔවුන් සඳහා විශේෂ ඇගයීමක් මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සඳහා කෑගල්ල කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්) වසන්තා රෝහිණි කුමාරි, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රාථමික) ජේ.ඩී.එන්.ක්‍රිෂාන්ති, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.ආර්.ජී.ටී.මැණිකේ, දැදිගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සුගන්දි සාලිකා, ප්‍රවීණ ගායන ශිල්පි බන්දුල විජේරත්න, විජය පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ඉන්දික සෙනවිරත්න, මහජන බැංකු ගලිගමුව ශාඛාවේ කල්‍යාණී පුෂ්පකුමාරි, විදුහල්පති වසන්ති කුමාරි මාපා යන මහත්ම මහත්මීහු රුසක් සහභාගී වූහ.
විද්‍යාලයීය දරැ දැරියන් රුසකගේ වාදන නර්තන, ගායන අංග රුසකින් මේ අවස්ථාව වර්ණවත් විය.


(සටහන හා ඡායාරෑප - රුෂිරු තරංග)
 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.