දොඩන්දූව ශ්‍රී ධම්මසාර පියරතන විදුහලේ පරිසර සමාජයෙන් අත්කම් ප්‍රදර්ශනයක්
- 2019-07-19 10:23:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලක්දිව ප්‍රථම සිංහල බෞද්ධ පාසල වන දොඩන්දූව ශ්‍රී ධම්මසාර පියරතන මහා විද්‍යාලයේ ඇරඹුණු පරිසර ළමා සමාජයේ සිසු සිසුවියන් ඉදිරිපත් කළ පරිසර අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය සහ සහතික පත් පිරිනැමීමේ උත්සවය එම විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වුණි.
විදුහල්පතිනි එස්.එල්.චන්ද්‍රිකා සමන්මලී මහත්මියගේ මග පෙන්වීම මත විද්‍යාලයේ පරිසර ළමා සමාජය භාර ආචාරිනී කේ.ඒ.ඩී.මංජුලා මහත්මිය මෙම උත්සවය සංවිධානය කළාය. හික්කඩුව ප්‍රාදේශීය පරිසර නිලධාරී නුවන් ජයවර්ධන, ගාල්ල ප්‍රාදේශීය පරිසර නිලධාරී චමිලා සේනානි, සිවිල් ආරක්ෂක බලකායේ ගාල්ල කොට්ඨාසයේ අධීක්ෂණ නිලධාරී ජී.සුනිල් යන මහත්ම මහත්මීහු අතින් සිසුන්ට සහතික පත් පිරිනැමීම සිදුවිය. මෙම ළමා සමාජය මධ්‍යම පරිසර අධිකාරියේ මෙහෙය වීමෙන් ආරම්භ විය.
Reply To:
Name - Reply Comment
0 Comments