නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන්ට නිල ලාංඡන
- 2019-11-03 09:31:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හලාවත අධ්‍යාපන කලාපයේ නාත්තන්ඩිය ජනාධිපති විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නිල ලාංඡන පැලඳවීමේ උත්සවය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් වශයෙන් හලාවත අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යක්ෂ එස්. ඒ. එම්. සද්ධාමංගල හා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ඉන්ද්‍රජිත් සේනාරත්න යන මහත්වරැ එක්ව සිටියහ. විද්‍යාලයේ 05 වසර සිට 13 වසර දක්වා සිසු සිසුවියෝ 133 ක් මෙදින නිල ලාංඡන පැලඳියහ. එම විද්‍යාලයේ සිසු සිසුවියන් ඉදිරිපත් කළ නර්තන අංගවලින් උලෙළ අලංකාර වුණි.
සිසු සිසුවියන්ගේ මවුපියෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments