නාලන්ද සුදර්ශි ප්‍රාථමික විද්‍යාලයේ ඇගයීම් උලෙළක්
- 2020-05-02 12:09:43
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නාඋල අධ්‍යාපන කලාපයේ පාසල් රුසකට පාසල් ගීත නිර්මාණය කරදුන් ප්‍රවිණ ගීත රචක පී.එම්. අහංගම සහ නාලන්ද සුදර්ශි පාසලේ නාමය නිර්මාණය කළ පුජ්‍ය තලාකොල වැවේ සාරන්ද හිමි ඇගයීමේ උත්සවයක් පසුගිය දා පැවැත්වුණි.
නාඋල - නාලන්ද සුදර්ශි ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ දී එය පැවැත්වුණි.
විදුහල්පති නිමල් ආනන්ද කනහැරආරච්චි මහතා සහ විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය උත්සවය සංවිධාන කර තිබුණි.
ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද සුනිල් එදිරිසිංහ,විශාරද කරැණාරත්න දිවුල්ගනේ හා උරේෂා රවිහාරි ගායක ගායිකාවන් අහංගම මහතාගේ ගීත ගායනා කරනු ලබයි. අහංගම මහතා විසින් රචිත ‘සිප් අඹරේ ගුරැ තරැව ‘ කෘතිය ජනගත කිරිම ද මෙම අවස්ථාවේ දී සිදුකෙරැණි.
මීට අමතරව නාලන්ද සුදර්ශි විද්‍යාල ගීතය නිර්මාණය කිරීම වෙනුවෙන් නාඋල පිළිහුඩුගොල්ල පුරාණ රජමහා විහාරාධිපති පුජ්‍ය තලාකොලවැවේ සාරානන්ද ස්වාමීන් වහන්සේ ද අගයා සමරැ තිළින ප්‍රදානය කිරිම සිදුකෙරැණි.
නාඋල කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ මෙත්තානන්ද වනසිංහ මහතා ඇතුළු නාඋල කළාපයේ පාසල් රැසක විදුහල්පතිවරැන් මෙන්ම දෙමවිපියන් සහ දූ දරැවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(නාඋල -ඉන්දික අරැණ කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments