Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් දැරියන් විශේෂයෙන්ම තම ජීවිතයේ අනාගත වගකීම් ගැන කල්පනා කළ යුතුයි. මාධ්‍ය පරිහරණය කළ යුත්තේ එම වගකීම් ඉටු කරන්නට අවශ්‍ය නිපුණතා අත්පත් කර ගැනීම සඳහායි.  අද වන විට අප රටේ මාධ්‍ය සංස්කෘතිය බොහෝ විට ගොඩ නැගී ඇත්තේ දරැවන් බිලි ගැනීමේ වෙළෙඳ අරමුණ ඇතිවයි. ඒ නිසා ඔවුන් විවිධ සුන්දර මාධ්‍ය ආකෘති නිර්මාණය කරමින් නොදැනෙන සේ දරැවන් උගුලට අසු කර ගැනීමට කටයුතු කරනවා. මේ වන විටත් අපේ නව යොවුන් වියේ පාසල් දරැ දැරියන්ගේ සාමාන්‍ය ජීවිතයේදී පරිහරණය කරන විලාසිතා වලින් පෙන්නුම් කරන්නේ ඔවුන්ට තමන් හසු වී සිටින උගුල නොවැටහෙන බවයි. පාසල් මාධ්‍ය දිනයක වගකීම වන්නේ පාසල් දරැ දැරියන්ට එම වගකීම තේරැම් ගැනීමට උපකාර කිරීමයි. 

ජාතික අධ්‍යාපන ආයතනයේ මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘතියේ හිටපු ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ බන්දුල පී. දයාරත්න මහතා මෙසේ පැවසුවේ, නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලයේ ප්‍රථම මාධ්‍ය දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. 
‘සෙනෙහසේ අංකුර මතු දිනට^ යන තේමාව යටතේ පැවති මහාමායා බාලිකා මාධ්‍ය දිනයේදී නිවේදන හා ප්‍රවෘත්ති සංස්කරණ අංශවලින් ජය ලැබූ සිසුවියන්ට ත්‍යාග හා සහතික පත් පිරි නැමුණි.   ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා රිෂාන්ති රත්නායක, ස්වාධීන රෑපවාහිනියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී  මහින්ද බිබිලේ හා  ශ්‍රී ලංකා හඬ මාධ්‍ය පාසලේ අධ්‍යක්ෂ, මාධ්‍යවේදී දර්ශන ශ්‍රී ජයසිංහ යන මහත්ම මහත්මීහු විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වූහ. මහමායා මාධ්‍ය දිනය  මහමායා විදුහල්පතිනි ආර්.එම්. ගමගේ මහත්මාවගේ හා සන්නිවේදනය හා මාධ්‍ය විෂයය භාර ආචාරිනී නන්දනී විදානාරච්චි මහත්මාවගේ උපදෙස් පරිදි සංවිධානය කරන ලද්දේ පාසල් මාධ්‍ය සමාජයේ සභාපති, ගගනි මැණික් බණ්ඩාර, උප සභාපති ඒ.ජී. ඉමාෂි අප්සරා, ලේකම්, දනුෂිකා ද කොස්තා, උප ලේකම් සත්‍යා වික්‍රමනායක භාණ්ඩාගාරිකා රෙෂ්මි ඉමේෂා හා සංවිධායක ප්‍රසාදි අමර්ෂා පෙරේරා හා ඩී.එච්.ඉරැෂි මනීෂා යන සිසුවියන් විසිනි. 
ජයග්‍රාහක නම් ලැයිස්තුව 
6 වැනි ශ්‍රේණිය: තෙනුලි නෙලුෂා වේරගම (නිවේදන දෙවැනි ස්ථානය), ශකිලා දිව්‍යාංගි (නිවේදන තුන්වැනි ස්ථානය), වෙනොරි වෙත්මා (සඟරා  සංස්කරණය ප්‍රථම ස්ථානය), 7 වන ශ්‍රේණිය: ආර්.එම්. දැහැමි ප්‍රාර්ථනා (සඟරා සංස්කරණය ප්‍රථම ස්ථානය), සෙනුරි ඉමේෂා (නිවේදන දෙවැනි ස්ථානය), ෂෙහානා නෙත්මි (සඟරා සංස්කරණය ප්‍රථම ස්ථානය), 8 වැනි ශ්‍රේණිය: තුහන්සා තිලක්නි (නිවේදන ප්‍රථම ස්ථානය), නෙත්මි චනීෂා පතිරණ (සඟරා සංස්කරණය ප්‍රථම ස්ථානය), මියෝනි පුන්සරා ඕවිටිමුල්ල (නිවේදන තුන්වැනි ස්ථානය), ඉසාලි විහස්නා (නිර්මාණාත්මක රචනය ප්‍රථම ස්ථානය), 9 වැනි ශ්‍රේණිය: නිර්මාණි අයෙෂා (නිවේදන දෙවැනි ස්ථානය), තරින්සා ඔමින්දි රණමුක (නිවේදන දෙවැනි ස්ථානය), ජයමිණි බුද්ධිකා (නිවේදන තුන්වැනි ස්ථානය), මෛත්‍රි කෞශල්‍යා (සඟරා සංස්කරණය ප්‍රථම ස්ථානය),චේනිකා ඉන්දුවරී (සඟරා සංස්කරණය ප්‍රථම ස්ථානය), තරින්සා ඔමින්දි රණමුක (නිර්මාණාත්මක රචනය තුන්වැනි ස්ථානය) , 10 වැනි ශ්‍රේණිය: ෂිමිලා කවින්දි (සගරා සංස්කරණය ප්‍රථම ස්ථානය), තරැෂි දිෂාලා විජේකෝන් (සඟරා සංස්කරණය ප්‍රථම ස්ථානය), චමති පියත්මා රණසිංහ (නිවේදන ප්‍රථම ස්ථානය), දෙව්මි අපූර්වා රණසිංහ (නිවේදන ප්‍රථම ස්ථානය), පාරමී සෙනෙවිරත්න (නිර්මාණාත්මක රචනය ප්‍රථම ස්ථානය), දිනාලි දුල්මිණි (නිර්මාණාත්මක රචනය දෙවන ස්ථානය), . 11 වැනි ශ්‍රේණිය: චන්දුනි කෞශල්‍යා පෙරේරා (සඟරා සංස්කරණය ප්‍රථම ස්ථානය), . 12 වැනි ශ්‍රේණිය: දුල්ෂා දෙව්මිණි සේනානායක (ප්‍රවෘත්ති සංස්කරණය ප්‍රථම ස්ථානය), මුතුරංගි ඩී. කරැණානායක (ප්‍රවෘත්ති සංස්කරණය දෙවැනි ස්ථානය), නුහාරි චරිත්මා පෙරේරා (ප්‍රවෘත්ති සංස්කරණය තුන්වැනි ස්ථානය), දුලක්ෂි මායාදුන්න (නිවේදන ප්‍රථම ස්ථානය), වරැණි සඳුනිකා (නිවේදන දෙවැනි ස්ථානය), උමයංගි සිල්වා (නිවේදන තුන්වැනි ස්ථානය), අවිශ්කා පාරමී (සඟරා සංස්කරණය ප්‍රථම ස්ථානය)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ඡායාරෑප - රසික රංගන)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.