Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ %පොත් කියවමු ලියමූ, ගුණ නැණ නංවමු^ වැඩ සටහනේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සහතික පත්‍ර ප්‍රදානය පන්නිපිටිය තරැණ බෞද්ධ සංගම් ශාලාවේදි පසුගියදා පැවැත්වුණි.
කියවීමේ මාසය වන ඔක්තෝම්බර් මස කේන්ද්‍ර කර ගනිමින් විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා වැඩ සටහන් රුසක් සංවිධානය කෙරැණු අතර එහිදී පොත් රචනා කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පොත් දොළහක් එළි දැක්වීම ද විවිධ තරග අංශ ඔස්සේ ජයග්‍රහණ හිමිකරගත් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමද සිදුවිය. 
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විජය - ගුණසේන %පොත් ලියන ඉස්කෝලේ^ යොවුන් නවකථා තරගයේ ජයග්‍රාහී පාසල් නව කතා කිරියක වූ ගෙත්මිණි ප්‍රියංවදා වැලිකල ශිෂ්‍යාව පැමිණීම විශේෂත්වයකි. මෙම අවස්ථාවට පූජ්‍ය තුම්බෝවිල ධම්මරතන හිමි, එම්.ඩී. ගුණසේන සමාගමේ ප්‍රකාශන කළමනාකාර, ජයම්පති රාජකරැණා, විජය පුවත්පතේ ප්‍රධාන කර්තෘ දුමින්ද සංජීව බලසූරිය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ  විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න, නියෝජ්‍ය විදුහල්පති (ප්‍රාථමික අංශය) සමන් පතිරණ යන මහත්ම මහත්මිහු ඇතුළු විශාල පිරිසක්  වැඩසටහනට සහභාගී වුහ.
මෙහිදී නිවිඳු මනුෂික පෙරේරා (දඟකාර බෝට්ටු පුංචා) එන්.එස්. බුහන්සා කුරේ (පොඩි සාදු), සෙනුල් තිසිත් යාලේගම (දළඹූ පුංචා) ලිතුල මනුග ජල්තෙට) (My Friendly) ආර්.එම්. දෙහාන් සෙත්මිත් නිශ්ශංක (පුංචි අපට කවි සිංදු) ඒ.වී. පැතුම් ගනිඳු රසංජන සිරිවර්ධන (පුංචි සුරංගනාවි), ඔනායා ගෝපිනී හෙට්ටිආරච්චි (ගඟට අසු වුණු වසු පැටියා), තිසුමි තෙහාරා රණතුංග (පුංචි මගේ කවි සිතිවිලි) ඉනුති දිනාදි නානායක්කාර (How the Rooster got his) මින්දුල ලෝහිරැ සේනාධීර (රැවන්ට බලුරාලගෙන් පාඩමක්) නෙතුමි ඉඳුවර පෙරේරා (විරැ දැරැවෝ) තිසලි සෙහන්ස, සමුන තිලක (පුංචි නෙලී) යන දරැ දැරියෝ කෘති එළිදැක්වූහ.

(සටහන හා ඡායාරෑප - රැෂීරැ තරංග)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.