පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨයට නවක සිසු සිසුවියන් පැමිණි දා
- 2019-08-02 12:11:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හෝමාගම අධ්‍යාපන කලාපයේ පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයට 2019 වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කිරීම පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති නිහාල් පද්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරැණි.
පාදුක්ක අරැක්වත්ත මොරගහතැන්න ශ්‍රී මහා විහාරාධිපති බෙරන්නාවේ විමල හිමි ඇතුළු මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු චාරිත්‍රානුකූලව පහන් සිළු දල්වා කෙටි උත්සව සභාවක් ද පවත්වා නවක සිසුන් පිළිගැනීමත් ලේඛනගත කිරීමත්, පෙළපොත් ලබාදීමත් සිදු විය.
එම අවස්ථාවට මොරගහතැන්න ශ්‍රී මහා විහාරාධිපති බෙරන්නාවේ විමල හිමි ඇතුළු මහා සංඝරත්නය ද, ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ ද, පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති නිහාල් පද්මසිරි, පාදුක්ක ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දුමිත්‍ර කහන්ගමගේ, විදුහල්පති නිමල් බණ්ඩාර යන මහත්වරැ ද, ආචාර්ය මණ්ඩලය ද, ආරාධිත අමුත්තෝ ද, ආදි ශිෂ්‍යයෝ ද, සිසු සිසුවියෝ ද, මවුපියෝ ද සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments