බදුල්ලේ අධ්‍යාපනික වෛද්‍ය ප්‍රදර්ශනයක්
- 2020-04-28 20:40:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව සංවිධානය කරන ලද මානසික සෞඛ්‍යය පිළිබඳ අධ්‍යාපනික වෛද්‍ය ප්‍රදර්ශනයක් පසුගියදා බදුල්ල පළාත් මහ රෝහලේ වාට්ටු අංක 38 හා 39 පරිශ්‍රයන්හිදී පැවැත්වුණි.
පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් විශේෂයෙන් සැකසුණු දැනුම්වත් කිරීම් සහ ඉගෙනුම් කුසලතා වැඩසටහන්, විභාග භීතිකාව, යහපත් මානසික සෞඛ්‍ය, ජංගම දුරකතන හා අන්තර්ජාල අවභාවිතය, මානසික ආතතිය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, මානසික රෝග ආදි මාතෘකා රුසක් යටතේ සකසන ලද ප්‍රදර්ශන කුටි රුසකින් මෙම ප්‍රදර්ශනය සමන්විත විය.
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වෙල මහත්මිය ඇතුළු ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරැණු මෙම ප්‍රදර්ශනය බදුල්ල පළාත් මහ රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකය සහ බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය එක්ව සංවිධානය කොට තිබූ අතර ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් ප්‍රදර්ශනය නැරඹීමට එක්ව සිටියහ.
( සටහන හා සේයාරෑ: හාලිඇල- විජේරත්න රත්නායක )
Reply To:
Name - Reply Comment
0 Comments