Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මඩිතියවල ප්‍රාථමික විදුහලේ විදුහල්පතිවරයා ලෙස සේවය කළ ඩබ්ලියු.පී. ෙප්‍ර්මලාල් විජේලත් මහතාට උපහාර පිදීමේ උත්සවයක් එම විද්‍යාලයේදී පැවැත්වුණි. 
සිසුන් තිස් පස් දෙනෙකුට සීමාවී 2002 වසරේදී  වැසී යාමට ආසන්න පාසලක්ව තිබියදී ඒ පාසලේ විදුහල්පතිධූරයට පත් ප්‍රේමලාල් මහතා ගුරැ මණ්ඩලයේ ද සහය ඇතිව වසර දහසයක් තුළ එම විද්‍යාලය අධ්‍යාපනයෙන් මෙන්ම භෞතික වශයෙන්ද දියුණුව කරා ගෙනයාමට සමත්විය. මේ වන විට මෙම විද්‍යාලයේ සිසු සිසුවියෝ හාරසියයක් පමණ උගනිති. විදුහල්පති නිල කාමරය සැකසීම හැර විද්‍යාලයේ භෞතික පරිසරය  සමග විදුහලකට අවශ්‍ය සියලු අංගෝපාංග ලබා ගැනීමට විජේලත් මහතා පියවර ගත්  නිසා මෙහි සිසුන්ට සෑම ආකාරයකම අධ්‍යාපන අවශ්‍යතා ලබා ගැනීමේ අවස්ථාව උදාවී ඇත. 
 මේ අවස්ථාවට මිනුවන්ගොඩ කලාප කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු,විද්‍යාලයේ සිසු සිසුවියෝ ,ආචාර්ය මණ්ඩලය ,  මවුපියෝ  ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 


(මීරිගම විශේෂ පුෂ්පකුමාර  මල්ලවආරච්චි)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.