මතුගම මෙරිල් කාරියවසම් විද්‍යාලයෙන් චිත්‍ර ප්‍රදර්ශනයක්
- 2019-07-08 11:51:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මතුගම මෙරිල් කාරියවසම් මධ්‍ය මහා විද්‍යාලය සංවිධානය කරනු ලබන චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය විද්‍යාල භූමියේ දී විජය පුවත්පතේ උපදේශන කතෘ ප්‍රවීණ චිත්‍ර ශිල්පි පියල් උදය සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් රන්ජන් ප්‍රියශාන්ත පෙරේරා, විද්‍යාලයීය විදුහල්පති ජේ.එස්.ප්‍රයන්ත, චිත්‍ර අංශයේ භාර ආචාර්යවරැන් වන රැවන් සමරනායක, රසිකා දීපානි ගමගේ, ලංකාදීප පුවත්පතේ කාටුන් ශිල්පි නිමල් ජයශාන්ත යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
හර්ෂනි රන්දික, ඉමාෂා බිමාලි, පසිදු උමයංග, කවීෂා කාවින්දි, හාසිත සඳරැවන්, ඉෂාර කෞෂික, දිමුතු ශේහාන්, එස්.ඒ.මලීෂා නෙත්මිණි, ඩී.එස්.ආර්.ලක්ෂිකා සෙව්වන්දි, එම්.ඒ.ජී.හිරැණි නෙත්මිණි, වී.ඩී.සයුරිමා ඩේෂානි යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම ප්‍රදර්ශනය සඳහා සිතිවිලි එක්කර තිබුණි.
මෙවර ප්‍රදර්ශනයේ තේමාව &Pulse of the New generation* ලෙස නම්කර තිබූ අතර ප්‍රදර්ශනයට සමගාමීව පියල් උදය සමරවීර මහතා විසින් මෙහෙය වූ චිත්‍ර කලාව සම්බන්ධ වැඩමුළුවක් ද පැවැත්වුණි.
Reply To:
Name - Reply Comment
0 Comments