මධ්‍යම පළාත් පාසල් සිසුන්ගේ අධ්‍යාත්මික හා පෞරැෂ සංවර්ධනයට වැඩසටහන් මාලාවක්
- 2020-04-28 20:16:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් සිසුන්ගේ අධ්‍යාත්මික හා පෞරැෂ සංවර්ධනය කිරිම සදහා වැඩසටහන් මාලාවක් සාරධර්ම දිනයට සමගාමිව පළාත පුරා ක්‍රියාත්මක කිරිමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
මෙහි පළමු වැඩසටහන ලෙස කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා මධ්‍යස්ථානාධිපති විද්‍යාවේදි පුජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ විසින් “ජයමග” අධ්‍යාත්මික චර්යා ළමා සංවර්ධන වැඩසටහන මහනුවර සිතාදෙවි විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදි පසුගියදා පැවැත්වුණි.
මෙම වැඩසටහන සදහා මහනුවර අධ්‍යාපන කලාපයේ පිහිටි සීතාදේවි බාලිකා විද්‍යාලය, රාසිංදේවී විද්‍යාලය, ලුම්බිණි රාජකීය විද්‍යාලය, කැප්පෙටිපොළ විද්‍යාලය, මද්දුම බාණ්ඩාර විද්‍යාලය, විමලබුද්ධි කනිෂ්ඨ විද්‍යාලය, සිතුමිණ කනිෂ්ඨ විද්‍යාලය යන විද්‍යාලවල සිසු සිසුවියෝ හත්සීයක පමණ පිරිසක් සහභාගිවූහ. මෙම වැඩසටහනට සමගාමීව අදාළ පසල් නියෝජනය කරමින් සහභාගි වු සිසු සිසුවියන්ට පලතුරැ පැළ ලබාදීම ද මෙහිදි සිදු කෙරිණි.අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ උපදේශකත්වය හා මග පෙන්විම යටතේ මෙම ආධ්‍යාත්මික පෞර්ෂ සංවර්ධනය කිරිමේ වැඩසටහන් මාලාව ඉදිරියේදි මධ්‍යම පළාතේ පිහිටි පාසල් පුරා ක්‍රියත්මක කිරිමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාව සදහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඊ.පි.ටි.කේ. ඒකනායක, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධන අධ්‍යක්ෂක ටි .කේ. ගුණතිලක, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ඩබ්.විජේරත්න, හාරිත පාසල් වැඩසටහනේ සම්බන්ධිකරක සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එන්.ඩි කරුණාරත්න යන මහත්වරු සහ සිතාදේවි විද්‍යාලයේ විදුහල්පති සි. කරුණාරත්න මහත්මිය සහ විද්‍යලවල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසු දරුවන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.
(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
Reply To:
Name - Reply Comment
0 Comments