මධ්‍යම පළාත් ලෝක ළමා දින සැමරැමක්
- 2020-05-14 20:24:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මධ්‍යම පළාතේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරැවන්ගේ ලෝක ළමා දින සැමරැම් උලෙළ පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්‍ෂණ සේවා කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන පළාත් ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
මෙම සැමරැම් උලෙළේදී මධ්‍යම පළාත පුරා විසිරි සිටින නිවාස ගත ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරැ දැරියන්ගේ නර්තන සහ අනිකුත් නිර්මාණවලින් වැඩසටහන සමන්විත වූ අතර, සාහිත්‍ය හා ක්‍රීඩා තරගවල ජයග්‍රාහී දරැවන් සඳහා සහතික හා සම්මාන පිරිනැමීමටත් ඊට අතිරේකව දරැවන්ගේ නිර්මාණ ඇතුළත් මල් කැකුළු වසන්තය නම් වූ ග්‍රන්ථය එළිදැක්වීම මෙහිදී සිදු කෙරිණි.
මෙවර පැවති ක්‍රීඩා තරගවලින් සමස්ත බාලක ශුරතාවය දිනා ගැනීමට මාතලේ ශාන්ත ප්‍රැන්සිස් ළමා සංවර්ධන මධ්‍යස්ථානයත් බාලිකා ශුරතාවය දිනා ගැනීමටත් මොරන්කන්ද පින්ස්ටු ළමා සංවර්ධන මධ්‍යස්ථානයත් සමත් වූහ.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශ ලේකම් බි.එච්.එම්.ජයවික්‍රම, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ගාමිණී රාජරත්න යන මහත්වරැන් සහ මධ්‍යම පළාත් සමාජ සුභසාධන,පරිවාස හා ළමාරක්‍ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ පළාත් කොමසාරිස් චින්තිකා ගුණරත්න මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
Reply To:
Name - Reply Comment
0 Comments