මාතලේ නිවාඩු කාලේ ඉස්කොලේ

2024 මැයි මස 04 ප.ව. 06:03 - {{hitsCtrl.values.hits}}  

මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් වසර කිහිපයක සිට අඛණ්ඩව පවත්වා ගෙන එනු ලබන “නිවාඩු කාලේ ඉස්කොලේ“නම් වු රසවින්දනාත්මක හා කුසලතා සංවර්ධන වැඩසටහන පස්වැනි වරටත් අති සාර්ථකව පැවැත්වුණි.
2019 වසරේ 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ලද දරැවන් මත පැටවී තිබූ විභාග බර සැහැල්ලු කරමින් ඔවුන්ගේ විභාග ආතතිය සමනය කරමින් විනෝදය සතුට විවේකය හා නිර්මාණශිලිත්වය ඔප් නංවන්නට මෙම වැඩසටහන සැලසුම් කර තිබුණී.
මාතලේ විහාර පාර සංස්කෘතික මධ්‍යස්ථානයයේදි මෙම වැඩසටහන නොමිලයේ පැවැත්වුණි. මෙහිදි නිර්මාණකරණය,අත්කම්. රංගනය සංගීත රසවින්දනය, පුද්ගල සංවර්ධනය හසුරැ කුසලතා වර්ධනය,විනෝද ක්‍රිඩා ඇතුළු සෞන්දරායත්මක වැඩසටහන රුසක් තෙදින ක් පුරා පැවතුණි. ස්ථාන භාර සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරි අනුර සිරිසේන මහතා සහ ජන සන්නිවේදින අංශයේ නීල් කරැණාරත්න මහතා ඇතුළු පිරිස මෙම වැඩසටහන ක්‍රියාත්මක කළහ.


(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)

දින පොත