මාලාබේ ආදර්ශ පිරිමි විද්‍යාලයීය නව ශිෂ්‍ය නායකයෝ දිවුරුම් දෙති
- 2019-04-18 15:23:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාලාබේ ආදර්ශ පිරිමි විද්‍යාලයීය නව ශිෂ්‍ය නායක මණ්ඩලයට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විද්‍යාලයීය නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී ආදර්ශ පිරිමි විද්‍යාලය හා ඒකාබද්ධ කහන්තොට ප්‍රාථමික විද්‍යාලයීය ශිෂ්‍ය නායක නායිකාවන් 145 දෙනකු සඳහා නිල ලාංඡන පැලඳවීම සිදු කෙරිණි. විද්‍යාලයීය නව ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස මහීෂ ප්‍රභාත් රණසිංහ ශිෂ්‍යයාද, නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායකයන් ලෙස අමන්ද බොතේජු, අෂේන් කවින්ද, හරිජිත් ඉඳුවර හා රවිඳු රශ්මික යන ශිෂ්‍යයන්ද තේරී පත්වූහ.
විදුහල්පති සිසිර ගුණරත්න මහතාගේ උපදෙස් හා අධීක්‍ෂණයෙන් ශිෂ්‍ය නායක සංසඳය භාර ආචාරිනී චම්පිකා මධුෂානි ගුරැමහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතිය හා මවුපියන්ගේ දායකත්වයෙන් මෙම උත්සවය සංවිධානය කෙරිණි.
Reply To:
Name - Reply Comment
0 Comments