මැදබැද්ද මහා විද්‍යාලයේ දෙදින අධ්‍යාපනික ප්‍රදර්ශනයක්
- 2020-05-06 20:11:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බළන්ගොඩ කල්තොට ර/මැදබැද්ද මහා විද්‍යාලය සංවිධානය කළ අධ්‍යාපනික ප‍්‍රදර්ශනය පසුගිය 08 හා 09 දෙදින විද්‍යාලයීය පරිශ‍්‍රයේදි පැවැත්වුණි. විද්‍යාලයීය සිසුන්ගේ හසුරැ කුසලතා දියුණු කරමින් නිර්මාණාත්මක හැකියා සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කළ බව විදුහල්පති නිමල් ජයරත්න මහතා පැවැසීය. මෙම ප‍්‍රදර්ශනය සඳහා ප‍්‍රාථමික ද්වීතියික හා උසස් පෙළ යන අංශ නියෝජනය කරමින් 01 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණි දක්වා සිසුන්ගේ විවිධ නිර්මාණ ඇතුළත් වි තිබුණි.
පළමු දින අධ්‍යාපනික ප‍්‍රදර්ශනය විවෘත කිරිම ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වු බළන්ගොඩ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ(බුද්ධ ධර්මය හා පුස්තකාලෙ) හේමන්ත වෙළගේ මහතා විසින් සිදු කළ අතර දෙවන දින බළන්ගොඩ කොටිඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ නදීකා සෙනෙවිරත්න මහත්මිය විසින් එය සිදු කරන ලදි.දෙදින පුරාම ප‍්‍රදර්ශනය නැරඹිම සඳහා ප‍්‍රදේශයේ අවට පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ, ව්‍යාපාරික ප‍්‍රාජාව, ආදි සිසුහු , මවුපියෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
(කල්තොට - බුදුගල සෝමරතන හිමි)
Reply To:
Name - Reply Comment
0 Comments