මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවේ ත්‍යාග ප්‍රදානෝත්සවයදා
- 2020-01-20 09:48:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ පීඨාධිපති ආචාර්ය කපිල බණ්ඩාර, ජාතික පාසල් අධ්‍යක්ෂ පුණ්‍යදාස කුරැප්පු, කොළඹ අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන්.සිල්වා, විද්‍යාලයේ විදුහල්පතිනි ජේ.සුමේධා ජයවීර යන මහත්ම මහත්මීහු රුසක් සහභාගී වූහ.
පසුගිය වසරේ දී විෂය සමගාමී, විෂය බාහිර, ක්‍රීඩා යන අංශ ගණනාවක් ඔස්සේ දක්ෂතා දැක්වූ ශිෂ්‍යාවන්ට, විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ ශිෂ්‍යාවන් සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය මෙහිදී සිදු කෙරැණි. 2018 වසරේ පාසලේ හොඳම ශිෂ්‍යාව ලෙස ඩබ්ලියු.එම්.ටියුනි සංදීපා විජේකෝන් ශිෂ්‍යාව මෙවර සම්මානයට පාත්‍ර වුණි.
විදුහල්පති සම්මාන උලෙළේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබමින් ජාතික මට්ටමේ විදුහල්පති විශිෂ්ටතා සම්මානය දිනාගනු ලැබූ විද්‍යාලයීය විදුහල්පතිනි ජේ.සුමේධා ජයවීර මහත්මියට එම සම්මාන ප්‍රදානය කිරීම ද මෙම උලෙළට සමගාමීව සිදුවීය.
(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments