මීගහකිවුල තල්දෙන ප්‍රාථමිකයේ සිත්මිට ජාත්‍යන්තර චිත්‍ර ජයක්
- 2019-07-26 09:49:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක සාමය සඳහා වූ peace pals international ආයතනයේ 21 වැනි සංවත්සරය නිමිත්තෙන් ලොව රටවල් 88 ක සහභාගිත්වයෙන් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී පවත්වන ලද ‘‘ සාම මිතුරෝ ‘‘ චිත්‍ර තරගාවලියේ වයස අවුරැදු 5 - 7 කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට මීගහකිවුල තල්දෙන ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ඒ. කේ. සිත්මි වගීෂා රසෝදරී ජයසුන්දර ශිෂ්‍යාව සමත්ව ඇතැයි විදුහල්පති ඩී. එම්. සෝමාවතී මහත්මිය පැවසුවාය.
වගීෂා ජයසුන්දර දැරිය විසින් ඉදිරිපත්කරන ලද may peace prevail on earth (ලොවෙහි සාමය පවතීවා) යනුවෙන් නම්කර තිබූ චිත්‍රයට තරගයේ ප්‍රථම ස්ථානයට හිමි රන් පදක්කම හා සහතික පත්‍රය හිමිවිය.
සිත්මි වගීෂා රසෝදරී ජයසුන්දර දියණියගේ මව වන ඩබ්ලිව්. එන්. එම්. පද්මලතා, තල්දෙන ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනි ඩී. එම්. සෝමාවතී , පන්තිභාර ආචාරිනී ආර්. එම්. චන්ද්‍රාවතී යන මහත්මීන්ගේ මග පෙන්වීම මත ඇය මෙම තරගයට ඉදිරිපත්වූවාය.
(වියලුව නිශාන්ත කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments