මීගහකිවුල ප්‍රාථමික විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා දින සැමරුම
- 2019-06-19 16:16:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මීගහකිවුල ප්‍රාථමික විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ඒකකය මඟින් සංවිධානය කල විද්‍යාලයීය ඉංග්‍රීසි භාෂා දින උත්සවය හා විවිධ ප්‍රසංගය පසුගියදා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.
විදුහල්පති ඩී. එම්. දිසානායක මහතාගේ උපදෙස් පරිදි ඉංග්‍රීසි ඒකකය භාර අසන්තා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු ගුරැ මණ්ඩලය උත්සවය සංවිධානය කළහ.
සිසු සිසුවියන්ගේ නැටුම් ගැයුම්වලින් වර්ණවත්වූ උත්සවය දැක බලා ගැනීමට අවට පාසල්වල විදුහල්පතිවරැ, ගුරැවරැ, මවුපියෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
ඉංග්‍රීසි භාෂා දිනය වෙනුවෙන් පැවති විවිධ තරගවල දී ජයග්‍රහණය කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීම ද , මෙහිදී සිදුවිය.
දරැවන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාව ඉහළ නැංවීම, උත්සවය සංවිධානය කිරීමේ අරමුණ බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉංග්‍රීසි ඒකකය බාර අසන්තා ප්‍රනාන්දු මහත්මිය පැවැසුවාය.
Reply To:
Name - Reply Comment
0 Comments