රත්ගම සිරිසුමන ප්‍රාථමිකයේ පරිසර ළමා සාමාජිකයන්ට තුරුලතා පදක්කම්
- 2019-07-26 09:43:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රත්ගම සිරිසුමන ප්‍රාථමික විද්‍යාලයේ පරිසර ළමා සමාජයේ සාමාජිකයනට තුරැලතා පදක්කම් පැලඳවීමේ උත්සවය එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති ඩී.පී. ලලිත් කුමාර මහතාගේ මග පෙන්වීම මත පරිසර ළමා සමාජය භාර නිල්මිණී පීරිස් සහ තක්ෂිලා වික්‍රමසීලි යන ගුරැ මහත්මීහු මෙම උත්සවය සංවිධානය කළහ. හික්කඩුව නගර සභාවේ ලේකම් චන්ද්‍රලතා ඈපා, රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් විතානගේ, හික්කඩුව ප්‍රාදේශීය පරිසර නිලධාරිනී චමිලා සේනානි, හිටපු විදුහල්පති නිමල් සිරිවර්ධන යන මහත්ම මහත්මීහු සිසුන්ට තුරැලතා පදක්කම් පැලඳවූහ. මෙදින සිසුන් විසි දෙනකුට පදක්කම් පැලඳවිණි.
Reply To:
Name - Reply Comment
0 Comments