ලිඛිත මූලාශ්‍ර ඇසුරු කිරීමෙන් චින්තන ශක්තිය, පරිකල්පන ශක්තිය සහ කුසලතා සංවර්ධනය වෙනවා - ජ්‍යෙෂ්ඨ අධ්
- 2019-05-31 10:52:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය පාසල් ශිෂ්‍යාවන්ට ඉතා වැදගත් වන අතර ඒ ඔස්සේ ලිවීම, කථා කිරීම, හැසිරීම ආදි ගුණාංග නිතැතින්ම වර්ධනය වෙමින් මනා පෞරැෂයකින් හෙබි දරැවකු නිර්මාණය වෙනවා යැයි ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ බන්දුල පී.දයාරත්න මහතා හොරණ තක්ෂිලා මහා විද්‍යාලයේ මාධ්‍ය අධ්‍යයන වැඩමුළුව මෙහෙයවමින් පැවසුවේය.
ඒ මහතා තව දුරටත් මෙසේද පවසා සිටියේය. පුවත්පත, නවකතාව, කෙටිකතාව ආදි වූ ලිඛිත මූලාශ්‍ර ඇසුරැ කිරීමෙන් දරැ දැරියන්ගේ චින්තනය සහ පරිකල්පනය කුසලතා සංවර්ධනය වෙනවා. අන්තර්ජාලය ඇසුරැ කරන්නා සේම මෙම ලිඛිත මූලාශ්‍ර පරිහරණයත් පාසල් දරැ දැරියන්ට ඉතා වැදගත් වෙනවා.
අපගේ ඇඳුම පැලඳුම විලාසිතාවලින් පවා අන් අයට අප ගැන යම් අදහසක් ලැබෙනවා. වර්තමාන රෑපවාහිනිය මගින් බොහෝ දරැ දැරියන්ගේ පෞරැෂය බිඳ දමා තිබෙනවා. මාධ්‍ය භාවිතය ඉතා පරෙස්සමින් හා හරවත් අයුරින් කළ යුතුයි.
මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති ජනක් අබේරත්න, නියෝජ්‍ය විදුහල්පති පත්මසිරි කුම්මන්තුඩාවගේ, හොරණ ගුරැ උපදේශක උපේන්ද්‍ර කුඩාවිතාන, සන්නිවේදන හා මාධ්‍ය විෂය භාර ආචාරිනි අමාලි මංගේෂ්කා පෙරේරා යන මහත්ම මහත්මීහු ද විද්‍යාලයේ මාධ්‍ය අධ්‍යයන විෂය හදාරන සිසු සිසුවියෝ ද රුසක් සහභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments