ලෝක ළමාදිනයට අගලවත්ත මූලික රෝහලෙන් චිත්‍ර තරගයක්
- 2019-05-03 10:02:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක ළමාදිනය නිමිති කොටගෙන අගලවත්ත පිඹුර මූලික රෝහල් අධිකාරි වෛද්‍ය පී.ඩී.ආර්.රොද්රිගු මහතා සහ රෝහල් කාර්ය මණ්ඩලය , රෝහල් කමිටුව එක්ව සංවිධානය කළ පාසල් දරැදැරියන්ගේ චිත්‍ර තරගයක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණි.
අවට පාසල් වල සිසු සිසුවියෝ විශාල පිරිසක් මේ තරගයට සහභාගී සිටි අතර ජයග්‍රහණය කළ දරැවන්ට මෙන්ම සහභාගී වූ සියලුම සිසු සිසුවියන්ට ත්‍යාග හා ඉතිරි කිරීමේ ගිණුම් ලබාදීමට සංවිධායක මණ්ඩලයට කටයුතු යොදා තිබිණ.
විශේෂඥ වෛද්‍ය අමාලි හරිස්චන්ද්‍ර, විශේෂඥ වෛද්‍ය පී.ඒ.ඩී. රණසිංහ, දිස්ත්‍රික් රෝහල් වෛද්‍ය උදය රත්නායක, අගලවත්ත ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසේන කඹුරාවල, උප සභාපති රෝහිත ගලබඩ, රෝහල් කමිටු සභාපති අනුර කළුආරච්චි යන මහත්ම මහත්මීහුද අවට විදුහල්වල විදුහල්පතිවරැ ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටීයහ.
Reply To:
Name - Reply Comment
0 Comments