ශිෂ්‍යත්ව, සහතික පත්‍ර ප්‍රදානය සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවයක්
- 2019-11-29 10:29:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් අධ්‍යාපනය ලබන දරැවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක්, මක්කානිගම බුද්ධි ප්‍රදීප සමාජ සේවා හා පාරිසරික පදනම් ආයතනයේදී, බහිරවකන්ද ශ්‍රී මහා බෝධි මහා විහාරාධිපති ශාස්ත්‍රපති යටවත්තේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි. බුද්ධි ප්‍රදීප සමාජ සේවා හා පාරිසරික පදනම සංවිධානය කොට තිබුණි.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල අධ්‍යාපනය ලබන ආර්ථික අපහසුතා ඇති ඉගෙනීමට දක්ෂ දරැවන්ට ශිෂ්‍යාධාර, පාසල් උපකරණ සහ පරිගණක පාඨමාලා හැදෑරැ අයට සහතික පත්‍ර ත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදු විය.
මෙම අවස්ථාවට මක්කානිගම අශෝකාරාමයේ නාපාන නන්දසාර හිමි, බහිරවකන්ද ශ්‍රී මහා බෝධි මහා විහාරාධිකාරි, මහනුවර ධර්මරාජ විදුහලේ ආචාර්ය, බුද්ධි ප්‍රදීප සමාජසේවා හා පාරිසරික පදනමේ නිර්මාතෘ, විධායක අධ්‍යක්ෂක ශාස්ත්‍රපති මක්කානිගම බුද්ධදත්ත හිමි, ආචාර්ය දීගල චන්දාජෝතී හිමි, බුද්ධි ප්‍රදීප පදනමේ අධ්‍යක්ෂකවරැ, පුහුණු උපදේශක, උපදේශිකාවෝ, ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
(සිසිර කුමාර බණ්ඩාර)
Reply To:
Name - Reply Comment
0 Comments