සියනෑ සාහිත්‍ය කලා මහෝත්සවය - 2019
- 2019-11-27 14:02:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දොම්පේ ප්‍රාදේශීය සභාව සංවිධානය කළ 2019 සියනෑ සාහිත්‍ය කලා මහෝත්සවය එම සභාවේ උපසභාපති පියසේන කාරියප්පෙරැම මහතාගේ ප්‍රධානත්වයෙන් දොම්පේ ප්‍රජාශාලාවේදී පසුගියදා පැවැත්වුණි. මෙදින විශේෂ සාහිත්‍ය දේශනය ප්‍රවීණ රංගන ශිල්පී හා දේශක ජයලාල් රෝහණ මහතා විසින් සිදු කෙරිණ.
එහිදී අන්තර් පුස්තකාල අත් අකුරැ තරගයේ කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගත් පැපිලියවල කනිෂ්ඨ විදුහලේ පාරමි සහන්යා සිසුවියට ජයලාල් රෝහණ මහතා සහතික පත් ප්‍රදාන කළ අවස්ථාව.
ප්‍රාදේශීය සභාවේ උපසභාපති පියසේන කාරියප්පෙරැම, ප්‍රාදේශීය සභා ලේකම් අජිත් රණසිංහ යන මහත්වරැද මෙහි සිටිති. මහාචාර්ය චන්දන ජයරත්න, දොම්පේ ප්‍රාදේශීය සභා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරැද, සියනෑ කෝරලයේ කලාකරැවෝද , පාසල් සිසු සිසුවියෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
කිරිඳිවැල රිද්මාංජලී කලායතනය ඉදිරිපත් කළ නර්තනයෙන් උලෙළ වර්ණවත් වුණි.
(කිරිදිවැල - උපාලි රණවීර)
Reply To:
Name - Reply Comment
0 Comments