සීතාවක සාහිත්‍ය කලා මහෝත්සවය තරගවලින් ජයගත් සිසුන්ට ත්‍යාග
- 2019-05-03 09:59:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හංවැල්ල (සීතාවක) ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ සාහිත්‍ය කලා මහෝත්සවය සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම උත්සවයට සමගාමීව පැවැත්වුණු සාහිත්‍ය තරගවලින් ජයග්‍රහණය කළ වැඩිහිටියන්ට හා පාසල් සිසුන්ට වටිනා තිළිණ සහ සහතික පත් ද පිරිනැමීම ද මෙදින සිදුවුණි.
මේ අවස්ථාවට කොළඹ මහ දිසාපති (දිස්ත්‍රික් ලේකම්) සුනිල් කන්නන්ගර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අවිස්සාවේල්ල (එ.ජා.ප) සංවිධායක ලෙනාඩ් කරැණාරත්න, පළාත් සභා මන්ත්‍රී මහේෂ් අල්මේදා මහත්වරැ, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැ ද, ප්‍රදේශවාසීහු ද සහභාගී වූහ.
(අවිස්සාවේල්ල විශේෂ සෝමසිරි හිඟුරලආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments