Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත නවීකරණය කොට අලුත්වැඩියා කෙරැණු බ/හාලිඇල මධ්‍ය මහා විද්‍යාලයේ (ජාතික පාසල) ප්‍රධාන ශාලාව හා අලුතින් ඉදිකරන ලද විදුහල්පති නිල නිවස විවෘත කිරීම ඌ‌ව පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ මෙම විදුහල් ප්‍රධාන ශාලාව නවීකරණය කොට අලුත්වැඩියා කිරීම සඳහා රැපියල් 1,68,00,000. 00 ක මුදලක් හා විදුහල්පති නිල නිවස ඉදිකිරීම පිණිස රැපියල් මිලියන හතරක මුදලක්ද වැයකොට තිබේ.

හාලිඇ‌ල ප්‍රාදේශීය සභාවේ සභාපති නිමල් සේනානායක, උප සභාපති උපාලි කාරියවසම් යන මහත්වරැන් ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැන්, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණ ලේකම් අතුල ජයලත්, හාලිඇ‌ල ප්‍රාදේශීය ලේකම් ඩබ්.පී.ඒ.ජී. අනුරැද්ධ යන මහත්වරැන්, හාලිඇ‌ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සාරංගි හෙට්ටිආ‌රච්චි, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රසන්න දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු අධ්‍යාපන නිළධාරීන්, අවට විදුහල්වල විදුහල්පතිවරැන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විද්‍යාලයීය සිසු සිසුවියන් ඉදිරිපත් කළ සංස්කෘතිකාංගවලින් මෙම විවෘත කිරීමේ උත්සව සභාව වර්ණවත් වූණි.  බ/හාලිඇල ජාතික පාසලේ විදුහල්පති ලුතිනන් කර්නල් අසේල තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් මෙම විවෘත කිරීමේ උලෙළ සංවිධානය කොට තිබිණි.

( හාලිඇල- විජේරත්න රත්නායක )

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.