හාලිඇළ ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ සතුටු කඳවුරදා
- 2019-12-06 11:13:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බ/හාලිඇළ ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් සහ එම විද්‍යාලයීය විශේෂ අධ්‍යාපන ඒකකයේ සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කරන ලද සතුටු කඳවුරක් එම විදුහල් පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණි.
සුපුරැදු පන්ති කාමර අධ්‍යාපනයෙන් බැහැරව පරිසරය හා එක්ව විවිධ ක්‍රියාකාරකම් පාදක කොටගෙන සතුටින් ඉගෙනගැනීමේ අවස්ථාව ළමුන්ට සලසාදීමේ අරමුණින් මෙම සතුටු කඳවුර සංවිධානය කොට තිබිණි.
හාලිඇළ ජාතික පාසලේ විදුහල්පති අසේල තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පතිනි මංජුලා තෙන්නකෝන්, අංශ ප්‍රධාන ඩබ්ලිව්.ඩී.රැවන්සිරි යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන් ප්‍රාථමික අංශයේ සියලු ගුරැවරැන්ගේ සහයෝගයෙන් මෙම වැඩසටහන පැවැත්වුණි.
( සටහන හා සේයාරෑ: හාලිඇළ -
විජේරත්න රත්නායක )
Reply To:
Name - Reply Comment
0 Comments