හැටන් අධ්‍යාපන කලාපයේ නේවාසික සිසු කඳවුරක්
- 2019-12-06 10:16:51
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙම වසර අවසානයේ පැවැත්විමට නියමිත අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ අධ්‍යාපන තත්ත්වය වර්ධනය කර ඔවුන්ගේ ප්‍රතිඵල ඉහළ මට්ටමකට ගෙන ඒමේ අරමුණින් සංවිධානය කෙරැණු නේවාසික සිසු කඳවුරක් පැවැත්වීමට හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය මගින් පියවර ගෙන ඇත.
හැටන් අධ්‍යාපන කලාපයේ අඹගමුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ පන්ති පැවැත්වෙන සියලුම පාසල් නියෝජනය කරමින් සිසුන් තුන්සියකගේ (300) පමණ සහභාගිත්වයෙන් මෙම නේවාසික සිසු කඳවුර වටවල සිංහල විදුහලේදි පවත්වන ලදී.
මෙම පුහුණු කඳවුර පැවැත්වීමේදි පාසල් නිවාඩුවද අමතක කර මේ සඳහා කැපවූ විදුහල්පතිවරැන්, ගුරැ මහත්ම මහත්මීන්ට මෙන්ම සිසුන්ට හා ඔවුන්ගේ මවුපියන්ටද ස්තුතිය පුද කරන බවද ඔහු තව දුරටත් පැවසුවේය.
අඹගමුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ නෙරන්ජන් අගුණාවල, හැටන් අධ්‍යාපන කලාපයේ ඉංග්‍රීසි හා තොරතුරැ තාක්ෂණ සහකාර අධ්‍යක්ෂ වසන්ත බෝදලාගම ඇතුළු හැටන් අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරැ, ගුරැ උපදේශකයෝ ඇතුළු පිරිසක් මෙම වැඩමුළුවට එක්වූහ.
(හැටන් සුදත් එච්. එම්. හේවා)
Reply To:
Name - Reply Comment
0 Comments