Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නිවෙස්වල පොල්ගෑමට භාවිත කරන හිරමනය ආශ්‍රයෙන් විදුලිය නිපදවීමේ යාන්ත්‍ර‍යක් නිර්මාණය කළ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ මලීෂ භාතිෂ් රත්නායක ශිෂ්‍යයා ‘සහසක් නිමවුම්- 2018’ නව නිපයුම් තරගාවලියෙන් ජාතික මට්ටමේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්විය.
‘සහසක් නිමවුම්- 2018’ තරගාවලිය ශ්‍රී ලංකා නව නිපයුම් කොමිසම විසින් සංවිධානය කරනු ලැබු අතර එම නිර්මාණ ප්‍ර‍දර්ශනය හා එහි ජයග්‍රාහකයන්ට සහතිකපත් ප්‍ර‍දානය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලාවේදී  පසුගියදා පැවැත්වුණි. 
සිය නිවසේ මුළුතැන්ගෙයි හිරමනයෙන් පොල්ගෑම සිදුකරන අවස්ථාවේ හිරමනයට සම්බන්ධ කළ ඩයිනමෝවක් මඟින් විදුලි කෝෂයක් (බැටරියක්) ආරෝපණය වීමට සලස්වා ඊට සම්බන්ධිත විද්‍යුත් පරිපථයක් හරහා ප්‍ර‍ධාන විදුලි බලය නොමැති අවස්ථාවක එල්. ඊ. ඩී. විදුලි පහන් දැල්වීමට හැකි පරිදි මෙම මෙම නව නිපයුම නිර්මාණය කර ඇත. 
තමන් නිපදවූ නව නිර්මාණය ගැන අදහස් දැක්වූ මලීෂ  පවසන්නේ සිය මව මුළුතැන්ගෙයි පොල්ගාමින් සිටියදී විදුලිය ඇණහිටි අවස්ථාවක සිතේ හටගත් සිතිවිල්ලක් මත මෙම% ‘හිරමන ඩයිනමෝව’ නිර්මාණය  කළ බවයි. 
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති පුබුදු ජයසිංහ මහතාගේ උපදෙස් හා විද්‍යාලයීය තාක්ෂණවේදය විෂය ආචාර්යවරැන් වන එම්.ඒ.එස්.රිස්වි, විනිදු ලෙලුම් දයානන්ද යන මහත්වරැන් ඊට මඟපෙන්වූ බවද තම මාමා වන එම්.එම්.සමරතුංග මහතා නිවසේදී සිය නිර්මාණ කටයුතු සඳහා සහයෝගය ලබාදුන් බවද මලීෂ ශිෂ්‍යයා පවසයි.  


  ( සටහන හා සේයාරෑ: හාළිඇළ- විජේරත්න රත්නායක)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.