Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝක ගුරැ දිනය නිමිත්තෙන් බප/ගම්/හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහ විදුහල මුදුන්ගොඩ විදුහලේ දැයේ ජීවය සහ පහන ඔබයි තේමා කරගනිමින් ගුරැ උපහාර උලෙළක් පාසැල් ක්‍රීඩා පිටියේ දී පසුගියදා පැවැත්වුණි.  හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහ විදුහලේ වත්මන් විදුහල්පති ඊ.ඒ.ඩී. ප්‍රේමලාල් මහතා ඇතුළු නියෝජ්‍ය විදුහල්පතිවරැ, අනුකාරක කමිටුව, කාරක සභා කමිටුව හා ආදි ශිෂ්‍ය සංගමය හා පාසල් සංවර්ධන සමිතිය මෙම ගුරැ උපහාර උත්සවය සංවිධානය කළහ. 
විද්‍යාලයීය දරැවන්ගේ අධ්‍යාපන හා ක්‍රීඩා ජයග්‍රහණ සඳහා කැපවූ සියලු ගුරැ භවතුන්ට සම්මාන ප්‍රදානයක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාවට කැප්පෙටිපොළ මහ විදුහලේ විදුහල්පති ඊ.ඒ.ඩී. ප්‍රේමලාල් මහතා ඇතුළු ගුරැ මණ්ඩලය සහභාගි වූහ. 


(වැලිවේරිය තිලක් නිමලසූරිය)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.