ශ්‍රී චන්ද්‍රජොති මහා විද්‍යාලයේ සිසු නායක නායිකාවන්ට පදක්කම් පැලදවීම

2024 අප්‍රේල් මස 18 ප.ව. 11:43 - {{hitsCtrl.values.hits}}  

ගම්පහ ශ්‍රී චන්ද්‍රජොති මහා විද්‍යාලයේ 2020-2021 වර්ෂ සදහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැලදවීමේ උත්සවය විද්‍යාලයේ විදුහල්පති ජේ. එම්. එස්. රංජිත් ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ඉරාන් චම්පික ද සිල්වා, සෞන්දර්ය විෂය පිළිබඳ කලාප අධ්‍යක්ෂක එම්. සුගත් කරුණානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී සිදු කෙරුණි.

         සාම්ප්‍රදානුකූලව පහන්සිළු දැල්වීම සිදු කෙරුණි. ඉන් අනතුරුව සිසු නායක නායිකාවන් 105 දෙනෙකු හට නිල ලාංඡන පැලද විය. විද්‍යාලයීය සිසු සිසුවියන්ගේ නර්තන අංග කිහිපයකින්ද මෙම උත්සවය වර්ණවත් වී තිබුණි. 
        මේ අවස්ථාව සදහා එම විද්‍යාලයීය සිසුහු, නවක ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංඡන පැලදි සිසුන්ගේ මව්පියෝද සහභාගී වූහ.
                                    (යක්කල මනෝධ්‍යා සෙව්මිණි )
දින පොත